තම රටට එරෙහි ඇමරිකානු සතුරු වෙළඳ පිළිවෙත් සම්බන්ධයෙන් කියුබාවෙන් චෝදනා
2022-09-04 18:06:08
Share with:

ඇමරිකාව තම රට කෙරෙහි ක්‍රියාත්මක කරන “සතුරු රට සමග වෙළඳ පනත”යළි දීර්ඝ කිරීම සම්බන්ධයෙන්  කියුබාව චෝදනා කරයි.

කියුබාව කෙරෙහි ක්‍රියාත්මක “සතුරු රට සමග වෙළඳ පනත”2023 වසරේ සැප්තැම්බර් 14 වනදා දක්වා දීර්ඝ කිරීමට ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා පසුගිය 2 වනදා තීරණය කළේය. ඇමරිකාව 1962 වසරේ සිට කියුබාව කෙරෙහි  එම පනත ක්‍රියාත්මක කර තිබේ. කියුබානු ජනාධිපති Díaz Canel මහතා මෙම ක්‍රියාව පිළිබඳව පැවසුවේ, ඇමරිකානු රජය එම පනත ඉවත් කිරීමට බිය වන අතර, එය මුවාවෙන් අඛණ්ඩව තම රටට බාධා එල්ලකරන බවයි.

1992 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය විසින් 29 වතාවක්  බහුතර එකඟතාව මත මෙම පනත අත්හිටුවීමට තීරණය කෙරුණ ද, ඇමරිකාව කියුබාවට එරෙහිව ක්‍රියාවට නංවන ආර්ථික, මූල්‍ය අවහිර කිරීම් හා වෙළඳ‍ තහනම අඛණ්ඩව පවත්වා ගෙන ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම