රුසියානු ඛනිජ තෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට G7 කණ්ඩායමේ ගිවිසුමක්
2022-09-03 17:23:24
Share with:

රුසියානු ඛනිජ තෙල් සඳහා මිල සීමාවක් නියම කිරීම සම්බන්ධයෙන් G7 කණ්ඩායමේ මුදල් ඇමතිවරු ගිවිසුමකට එළඹෙති. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මිය ඊයේ(2) මේ බව ප්‍රකාශ කළාය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය හා කැනඩාව G7 කණ්ඩායමට ඇතුළත් ය .

ඉදිරි සති කිහිපය තුළ රුසියානු ඛනිජ තෙල් පිළිබඳ උපරිම මිල සඳහා වන සැලැස්ම ක්‍රියාවට නැංවිය හැකිවනු ඇතැයි Janet L. Yellen මහත්මිය අපේක්ෂා පළකරයි. රුසියානු ෆෙඩරල් ආරක්ෂක මණ්ඩලයේ උපසභාපති Dmitry Medvedev මහතා පැවසුවේ, යුරෝපා සංගමය මිල සීමාව ක්‍රියාත්මක කළහොත් රුසියාව යු‍රෝපයට ස්වාභාවික ගෑස් සැපයුම අත්හිටුවන බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම