Mengtian මොඩියුලය අභ්‍යවකාශයට ගෙන යන රොකට්ටුව සූදානම්
2022-09-03 17:29:53
Share with:

 

චීනයේ Mengtian නමැති අභ්‍යවකාශ මධ්‍යස්ථාන රසායනාගාර  මොඩියුලය කක්ෂයට යොමුකරන Long March-5B Y4 රොකට්ටුව, චීනයේ Hainan හි Wenchang අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කෙරේ. චීන මානව අභ්‍යවකාශ ඒජන්සිය අද (03) මේ බව නිවේදනය කළේය.              

  රොකට්ටුව, මීට පෙර මෙහි ළඟා වූ Mengtian රසායනාගාර මොඩියුලය සමග අවසන් එකලස් කිරීම සහ පරීක්ෂාව සිදුකරනු ඇත. ඔක්තෝබර් මාසයේදී මෙය ගුවන්ගත කිරීමට අදාළ මෙහෙයුම් ක්‍රියාවට නංවා ඇතැයි අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

චීනයේ Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථාන සංකීර්ණය මේ වනවිට, Tianhe කෝර් මොඩියුලය, Wentian රසායනාගාර මොඩියුලය, Tianzhou-4 භාණ්ඩ ප්‍රවාහන යානය සහ Shenzhou-14 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානයෙන් සමන්විත වේ.Mengtian යනු ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෙවන විද්‍යාගාර මොඩියුලයයි. මෙහි ඇති විද්‍යාත්මක උපකරණ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය අධ්‍යයනය කිරීම සහ ද්‍රව භෞතික විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව, දහන විද්‍යාව සහ මූලික භෞතික විද්‍යාව පිළිබඳ පර්යේෂණ  සඳහා භාවිතා කරන බව අදාළ නිර්මාණවේදීහු පවසති.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම