Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ මූලික පරීක්ෂණය IAEA සම්පූර්ණ කරයි
2022-09-03 19:01:16
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂඥ කණ්ඩායම Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ අවශ්‍ය ප්‍රධාන සාධක සියල්ල නිරීක්ෂණය කළ බව, එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ,  එම බලාගාරයේ මූලික පරීක්ෂණය නිමා කිරීමෙන් අනතුරුවයි. මෙවැනි බලාගාරවල සිදුවන න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම විශේෂඥ කණ්ඩායමේ ඉලක්කය බව Grossi මහතා එහි සේවකයන් සමඟ පැවති හමුවකදී ප්‍රකාශ කළේය. මේ සඳහා සියලු පාර්ශ්ව සමඟ එකඟතාවකට පැමිණීමට උපරිම උත්සාහ දැරිය යුතු බව ද ඔහු පැවසීය.

මේ අතර, එදින ජාත්‍යන්තර ආර්ථික සංසද‍යට එක්වෙමින් යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා පෙන්වා දුන්නේ, Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ "මිලිටරිකරණයෙන් බැහැර වීම" බවයි. මෙය විකිරණ ව්‍යසනයකින් යුරෝපය ආරක්ෂා කිරීම සඳහා වන යතුරක් බව ද ඔහු පැවසීය. යුක්රේන රාජ්‍ය පුවත් ඒජන්සි‍ය ඊයේ(2) මේ බව වාර්තා කර තිබිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම