සෙනෙහසින් ‘ තරු දරුවන් ’ ගොඩනංවමු
2022-09-02 18:50:31
Share with:

පසුගිය දා ඊසානදිග චීනයේ Changchun නගරයේ දී, 17වැනි චීන Changchun සිනමා උළෙල පැවැත්වුණා. එහිදී ‘ Dream Forest ’ හෙවත් ‘ සිහින වනාන්තරය ’ නමැති චිත්‍රපටය අවධානයට ලක් වී තිබෙනවා. මේ චිත්‍රපටය Autism රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් පිළිබඳ කියැවෙන  චිත්‍රපටයක්.

Autism යනු ස්නායු නිසිලෙස සංවර්ධනය නොවීමේ ආබාධයක්. වයස අවුරුදු 3ට පෙර මෙම තත්ත්වය ඉස්මතු වනවා. සංඛ්‍යාලේඛනයකට අනුව, චීනය තුළ, Autism තත්ත්වයට ගොදුරු ව සිටින දරුවන්ගේ අනුපාතය වෙනත් රටවල අනුපාතය හා සමානව 1%ක් පමණ පවතිනවා. මේ තත්ත්වයට තුඩු දෙන සාධක මෙතෙක් නිශ්චිතව සොයාගෙන නැහැ. ඖෂධවලින් එය මුළුමනින්ම සුව කළ හැකිවන්නේත් නැහැ. එහෙත්, එය මුලින්ම හඳුනාගතහොත් කිසියම් සහනයක් ලබාදීමෙන් දරුවන්ගේ අනාගත තත්ත්වයන් කැපී පෙනෙන ලෙස යහපත් කළ හැකි බව විශේෂඥයන්ගේ පොදු අදහසයි.

මේ සඳහා, ජාතික වශයෙන් චීනයේ විවිධ ආයතන සහන පියවර ගෙන තිබෙනවා. වයස අවුරුදු 0 සිට 6 දක්වා Autism තත්ත්වයට ගොදුරු වී සිටින දරුවන්ට  ශල්‍යකර්ම සිදුකිරීමේ හා සහන පුහුණුවීම් සේවා නොමිලේ ලබාදීම ඊට ඇතුළත්. 97 හැවිරිදි Caopeng, චීනයේ ප්‍රවීණ වාද්‍ය වෘන්ද අධ්‍යක්ෂවරයෙක්. ගතවූ වසර 13 තුළ, ඔහුගේ ප්‍රධානත්වයෙන්, ස්වේච්ඡා සේවකයන් 5000කට වැඩි පිරිසක් Autism රෝගී දරුවන්ට  ගායනය සහ සංගීත භාණ්ඩ වාදනය උගන්වා තිබෙනවා.

අප සෑම කෙනෙක් ම, Autism තත්ත්වය ගැන නිසි අවබෝධයකින් පසු විය යුතුයි. ඒ, වටහා ගැනීමෙන් හා සෙනෙහසින් මේ දරුවන්ට උණුසුම් ළමාවියක් තිළිණ කිරීම ඉතා වැදගත් වන නිසායි.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම