චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික සම්මේලනයේ සම්මුඛ සාකච්ඡා සඳහා චීන සහ විදේශීය මාධ්‍යවේදීන්ට ඇරයුම්
2022-09-02 10:38:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික සම්මේලනය, සම්මුඛ සාකච්ඡා සඳහා චීන සහ විදේශීය මාධ්‍යවේදීන් උණුසුම් ලෙස පිළිගනී.

විදේශීය මාධ්‍ය වාර්තාකරුවන්ට සහ හොංකොං, මැකාඕ හා තායිවාන මාධ්‍ය වාර්තාකරුවන්ට සම්මුඛ සාකච්ඡා සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පහසුව උදෙසා අන්තර්ජාලය ඔස්සේ වාර්තාකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි. (http://cpc20reg.zgjx.cn)විවෘත කෙරේ. විදේශීය සහ හොංකොං, මැකාඕ හා තායිවාන මාධ්‍ය වේදීන්ගේ අයදුම්පත් මෙමගින් ඉදිරිපත් කළ හැකිය. සම්මුඛ සාකච්ඡා සඳහා ලියාපදිංචි අයදුම්පත් සැප්තැම්බර් 2වැනිදා සිට සැප්තැම්බර් 16වැනිදා දක්වා භාරගැනේ. ගෝලීය කොරොනා වසංගතය හේතුවෙන්, සම්මේලනයේ සම්මුඛ සාකච්ඡා, ස්ථානීය, මාර්ගගත වීඩියෝ සහ ලිඛිත යන අංශවලින්  පැවැත්වෙනු ඇත.

චීන සහ විදේශීය මාධ්‍යවේදීන්ගේ සම්මුඛ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය අතරතුර බෙයිජිං හි මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට නියමිතය. සම්මේලනය ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය තොරතුරු සේවා සහ තාක්ෂණික සහාය සැපයීම සඳහා මාධ්‍ය මධ්‍යස්ථානය අන්තර්ජාල සහ අනෙකුත් තාක්ෂණයන් පූර්ණ ලෙස භාවිත කරනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම