ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු යථාර්ථය
2022-09-02 10:46:39
Share with:

ඉකුත් වසරේ අගෝස්තු 29 වනදා එනම්, ඇමරිකානු යුද හමුදාව සම්පූර්ණයෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ, අන්තවාදී සංවිධානයට එරෙහි ප්‍රහාර බවට හඳුන්වාදෙමින්, ඇමරිකාව එරටට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. එම සිද්ධියෙන් දරුවන් 7 දෙනෙකු ඇතුළු සිවිල් වැසියෝ දසදෙනෙක් මියගියහ. ඊට වසරකට පසු එදිනම, ඉරාක‍යේ බැග්ඩෑඩ් අගනුවර හටගත් දරුණු ගැටුම්වලින්  අවම වශයෙන් 30 දෙනෙකු මිය ගිය අතර, සිය ගණනක පිරිසක් තුවාල ලැබූහ. ඇමරිකානු යුද හමුදාව ඉහළින් ආරක්ෂා කරන “හරිත කලාපය” ට පවා මෙහිදී මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඇෆ්ගනිස්ථානය මෙන්ම ඉරාකයේ තත්ත්වය මනාව විමසා බැලීමේදී, එම රටවල අවි යොදාගනිමින් පිහිටුවීමට උත්සාහ කෙරෙන“ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ආදර්ශනයේ”සැබෑ තත්ත්වය, එහි ජනතාව අත්විඳින පීඩාවන්ගෙන් පැහැදිලි වෙයි.“ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය” ස්ථාපනයට පියවර ගැනෙන සෑම ප්‍රදේශයකම අවසානයේ දී ඉතිරි වන්නේ පීඩනයට ලක්වූ සහ අවතැන්වූ සරණාගතයන් විශාල පිරිසක් පමණකි.

එනම්, ඇමරිකාව අපනයනය කරන ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යන්තරයේ සැබෑ ලෙසම පවතින්නේ හිංසාව සහ පීඩනයයි. එය ඇමරිකානු ආධිපත්‍යය සහතික කිරීමේ උපායමාර්ගයකි. ඉරාක උපායමාර්ගික  විශේෂඥ Ahmad Sharifi පැවසුවේ, ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේ අරමුණ, එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සහාය දීම නොව, මැද පෙරදිග ප්‍රදේශයේ ඇමරිකානු ආධිපත්‍යය ශක්තිමත් කිරීම බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම