උසස් මට්ටමේ සේවා කර්මාන්තයේ විවෘත පද්ධතිය ස්ථාපිත කිරීමට චීනය උත්සාහ දරයි
2022-09-01 10:52:54
Share with:

2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය අගෝස්තු 31 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා බෙයිජිං නගරයේදී පැවැත්වෙනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ප්‍රකාශ කළේ උසස් මට්ටමේ විවෘතභාවයෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තවදුරටත් සංවර්ධනය කරන චීනය සේවා ක්ෂේත්‍රයේ වෙළඳපොලට ප්‍රවේශ වීමේ ප්‍රමිතීන් අඛණ්ඩව ලිහිල් කර ඇති බවයි. පසුගිය 2019 වසරේ සිට ෂී ජින්පිං මහතා වසර 4ක් ලිඛිත හෝ විඩියෝ ආකාරයෙන් නොකඩවාම චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයට සුබ පැතුම් පණිවුඩ යොමු කර තිබෙනවා. 

වත්මන් ගෝලීය වසංගත තත්ත්වය තවදුරටත් උග්‍ර වී ලෝක ආර්ථීක පුනරුත්ථාපනය අස්ථීර ලෙස පවතින ජගත් තත්ත්වය සංකීර්ණ වීමේ විශේෂ අවස්ථාවේදී  මෙවර ප්‍රදර්ශනය පැවැත්වීම මගින් චීනය උසස් මට්ටමේ විවෘතභාවය ස්ථිර ලෙස අනුගමනය කිරීමේ අධිෂ්ඨානය පිළිබිඹු වෙනවා.පසුගිය දශකය තුළ චීනයේ සමස්ත  ආනයන සේවා වටිනාකම ඇමරිකානු ඩොලර්     ටි‍්‍රලියන 4ක ඉක්මවා ගොස් තිබෙනවා.2012 වසරේ ආරම්භ වූ බෙයිජිං ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ සිට 2022 වසරේ චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය දක්වා ගතවූ වසර 10 තුළ ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ සන්නාමක් ගොඩනැගීම සඳහා වන අරමුණින් එම ප්‍රදර්ශනය චීන සේවා කර්මාන්ත වෙළඳ සංවර්ධනයේ දර්ශකයක් බවට පත්වී තිබෙනවා.එය ජාත්‍යන්තර ආර්ථීක හා වෙළඳ උසස් මට්ටමේ සහයෝගිතාවේ පාලමක් බවට පත්වනු ඇති.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම