චීන ගගනගාමීහු ප්‍රථම වරට Wen tian පර්යේෂණාත්මක මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් අරඹති
2022-09-01 21:18:58
Share with:

චීනයේ Shen zhou 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථක ව මොඩියුලයෙන් පිටතට පැමිණ, අදාළ  කටයුතු ඉටුකරති.

බෙයිජිං වේලාවෙන් අද (01) 19.09 වන විට එම අභ්‍යවකාශ යානයේ සිටි Chen Dong හා Liu Yang යන ගගනගාමීහු දෙදෙනා සාර්ථක ව Wen tian පර්යේෂණාත්මක මොඩියුලයෙන් බැහැර  වී සිටියහ. ඔවුන් දෙදෙනා පැය 7ක පමණ කාලයක් එසේ අභ්‍යවකාශ යානයට පිටතින් Wen tian පර්යේෂණාත්මක මොඩියුලයට අදාළ විවිධ විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතුවල නිරත වනු ඇත. ඒ අතරතුර, Cai Xuzhe ගගනගාමියා කේන්ද්‍රීය මොඩියුලයේ සිට ඔවුන්ට තාක්ෂණික සහය ලබා දෙයි.

මෙය චීන ගගනගාමීන් Wen tian පර්යේෂණාත්මක මොඩියුලයෙන් බැහැර ව හිඳිමින් ක්‍රියාකාරකම් සිදුකරන පළමු අවස්ථාව වීම විශේෂත්වයකි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම