අයහපත් කාලගුණය තවදුරටත්
2022-09-01 16:35:02
Share with:

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කලු, ගිං සහ නිල්වලා ගංගාවන්හි ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.  රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කෙරුණු නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

දැදුරුඔය සහ කුකුලේ ගඟ ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබේ.

ඊයේ (31) දිනයේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 194.7කි. දිවයිනේ ප්‍රදේශ රැසක මිලිමීටර් 100 ඉක්මවූ වැසි පැවතිණ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම