ඇමරිකාවේ වර්ණ හා සුළු ජාතීන්ට එරෙහිව ජාතිවාදයේ බලපෑම් අඛණ්ඩව
2022-08-31 10:50:56
Share with:

ඇමරිකාවේ වර්ණ හා සුළු ජාතීන් අඛණ්ඩව ජාතිවාදයට හසුව ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වෙයි.

ඇමරිකාව “වාර්ගිකත්වය මුල්කරගෙන සිදුකරන සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” අනුගමනය කිරීමේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය 11 සහ 12 වැනිදා සමාලෝචනයක් සිදුකළේය. අදාළ සමාලෝචන වාර්තාව ඊයේ (30) නිකුත් කෙරිණ. එම වාර්තාවට අනුව, ගෙවී ගිය වසර කිහිපයක් තුළ ඇමරිකාවේ වෛරී අපරාධ සහ වෛරී ප්‍රකාශ සිද්ධි සංඛ්‍යාව කැපි පෙනෙන ලෙස වර්ධනය වී ඇත. ජාතිවාදය හා සම්බන්ධ වෙඩි තැබීම්වලින් සිදු වූ මරණ  සංඛ්‍යාව ද වර්ධනය වී තිබේ. වෛද්‍ය, අධ්‍යාපන හා නිවාස ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වර්ණ හා සුළු ජාතීන් අඛණ්‍ඩව ජාතිවාදය හේතුවෙන් බලපෑම්වලට ලක්ව ඇත.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම