තායිවාන සමුද්‍ර සන්ධියේ වත්මන් ආතතියට බලපෑ හේතු මනාව පැහැදිලි බව චීනය කියයි
2022-08-31 19:49:54
Share with:

තායිවාන සමුද්‍ර සන්ධියේ වත්මන් ආතතියට බලපෑ හේතු මනාව පැහැදිලි වන අතර, එහි හරි වැරැද්ද බැලූ බැල්මටම වුව පෙනීයන බව  චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා කියාසිටී. ඔහු මේ බව කියාසිටියේ, එම සමුද්‍ර සන්ධිය දෙපස තත්ත්වය සම්බන්ධයෙන් චීනය පමණ ඉක්මවා ප්‍රතිචාර දක්වන බවට ඇමරිකානු නිලධාරීන් කර ඇති චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි.  

මේ අර්බුදය ඇමරිකාව විසින් අරඹන ලද අතර, චීනය කළේ ඊට නීත්‍යනුකූලව ප්‍රතිචාර දැක්වීම පමණකි. එය සාධාරණ, නීත්‍යනුකූල සහ අවශ්‍ය ක්‍රියාමාර්ගයකි. එකම චීනය මූලධර්මයට අනුගත  වීම කඩකරන ඇමරිකාව, චීනයේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට ද හානි සිදුකරයි. එහෙත් චීනය පමණ ඉක්මවා ප්‍රතිචාර දක්වන බවට ද ඇමරිකාව චෝදනා කරමින් සිටී. කෙසේවෙතත් යහපත් මිනිසුන්ට බැනවැදීම දුදනන්ගේ සිරිතකි.  චීනය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද මෙම චෝදනා පිළිනොගන්නා බව, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශකයා පසුගියදා තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව පවසා තිබුණේ, චීනයේ ප්‍රතිචාරය ප්‍රකෝපකාරී වූ අතර, ඇමරිකානු ක්‍රියාව  වගකීම් සහගත වූ බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම