චීන ජනාධිපතිවරයාගේ වැදගත් දේශනයක් Qiushi සඟරාවේ පළකෙරේ
2022-08-31 19:38:32
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා, එම පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරයේ දී පැවැත්වූ වැදගත් දේශනය සැප්තැම්බර් මස පළමුවනදා ප්‍රකාශයට පත්කෙරෙන 17 වැනි Qiushi සඟරාවේ පළකෙරේ.

“නව වර්ධන අදියරේ නව වර්ධන සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා නව සංවර්ධන ආකෘතිය ගොඩනැගීමේ අවශ්‍යතාව”එම දේශනයේ තේමාවයි.

දෙස් විදෙස් තත්ත්වය නිවැරදිව අවබෝධ කර ගත යුතු බව එහි දැක්වේ. චීනයේ සංවර්ධනය තවමත් වැදගත් උපායමාර්ගික අවස්ථාවන් සහිත යුගයක පවතී. සමාජවාදී නවීකරණ රටක් ගොඩනැගීමේ හා දෙවන සියවසේ ඉලක්ක වෙනුවෙන් උත්සාහ දැරීමේ නව වර්ධන අදියර සම්පූර්ණයෙන් ග්‍රහණය කරගත යුතු ය. එසේම, නව සංවර්ධන ආකෘතිය ගොඩනැගීමේදී ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ද  ෂී ජින් පිං මහතා එම දේශනයේ දී පෙන්වා දී ඇත.

පූර්ණ දේශීය ඉල්ලුම් පද්ධතියක වර්ධනය කඩිනම් කිරීම, තාක්ෂණික ස්වාධීනත්වය නැංවීම, කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය නවීකරණය ප්‍රවර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා සුරක්ෂිත සංවර්ධනයට දැඩි ලෙස අනුගත වීම ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම