ගංවතුර විපතට මුහුණ දීම සඳහා ආධාර කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැතිවරයා ගෙන් චීනයට ප්‍රණාමය
2022-08-31 08:57:14
Share with:

ගංවතුර විපතට මුහුණ දීම සඳහා ආධාර කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැතිවරයා  චීනයට සිය ප්‍රණාමය පුද කරයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shahbaz Sharif මහතා ඊයේ(30) ඉස්ලාමාබාද් හි අගමැති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

පාකිස්තානය සහ චීනය සැමවිටම දුක සැප බෙදා ගනිමින් එකිනෙකාට උපකාර කරන බව හෙතෙම සඳහන් කළේය. මේ වන විට පාකිස්තානය ඉතිහාසයේ දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දෙමින් සිටී. ගංවතුරට එරෙහිව සටන් කිරීම සඳහා චීනය පාකිස්තානයට විශාල සහයෝගයක් හා ආධාරයක් ලබා දී ඇති අතර එය පාකිස්ථාන ජනතාවගේ චිත්ත ධෛර්යය බෙහෙවින් දිරිගැන්වීමට හේතුවී තිබෙන බව Shahbaz Sharif මහතා කියා සිටියේය.

පසුගිය ජූනි මස මැද භාගයේ සිට පාකිස්ථානයට ඇදහැළුණු අධික වර්ෂාපතනයෙන් සිදු වූ විවිධ ආපදා හේතුවෙන් පුද්ගලයන් 1136 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර මිලියන 33කට අධික පිරිසකට  ගංවතුර බලපෑම් එල්ල වූ බව පාකිස්ථාන ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය ඊයේ(30) ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම