චීනයේ අන්තර් ජාල භාවිත කරන්නන් ගේ සංඛ්‍යාවේ අඛණ්ඩ වර්ධනයක්
2022-08-31 10:28:29
Share with:

 චීනයේ අන්තර් ජාල භාවිත කරන්නන් ගේ සංඛ්‍යාව කෝටි 105.1ක් බව සංඛ්‍යාලේඛනයක දැක්වේ.

පසුගිය ජූනි මාසය වන විට රටේ අන්තර් ජාල භාවිතය ප්‍රචලිත වීමේ අනුපාතය සියයට 74.4ක් බව ද චීන අන්තර් ජාල තොරතුරු මධ්‍යස්ථානය අද(31) නිකුත් කළ ‘චීන අන්තර් ජාල සංවර්ධන තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛන වාර්තාවේ’ සඳහන් වේ.

කෙටි වීඩියෝ භාවිත කරන්නන්ගේ සංඛ්‍යාවේ වර්ධනය වඩාත්ම කැපී පෙනෙන අතර එය කෝටි 96.2 දක්වා වර්ධනය වී තිබේ. වසර 2021 දෙසැම්බර් මාසයට සාපේක්ෂව එය දෙකෝටි අසූ ලක්ෂ පනස් දහසක වැඩි වීමකි. සමස්ත අන්තර් ජාල භාවිත කරන්නන් ගෙන් එම පිරිස සියයට 91.5කි.

ජංගම දුරකථන මගින් අන්තර් ජාල භාවිත කරන පිරිස, සියයට 99.6කි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම