2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයෙන් දෙස් විදෙස් ව්‍යවසායන්ට පුළුල් ආයෝජන අවස්ථා
2022-08-31 21:08:02
Share with:

               

චීනයේ අද (31) ආරම්භ වූ 2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලොව ප්‍රබලම ව්‍යවසායන් 400කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටී. 2012 වසරේ සිට වාර්ෂික ව චීනයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දැනට ‍ලෝකයේ සේවා වෙළඳ ක්ෂේත්‍රයේ විශාල ම පරිමාණයේ ප්‍රදර්ශනය බවට පත් වී ඇත.මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටින ජාත්‍යන්තර ව්‍යවසායන් සංඛ්‍යාව පසුගිය වසරට වඩා 3%කින් ඉහළයාම විශේෂත්වයකි.

                චීනය පවත්වන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය තව තවත් ජනප්‍රියත්වයට ඇත්තේ චීනය සතුව ඇති විශාල වෙළඳපොළ නිසා ය. ගෙවී ගිය වසර 10 තුළ චීනයේ සේවා වෙළඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. 2012 -2021 කාලයේ චීන සේවා වෙළඳාමේ ආනයනය හා අපනයනය වාර්ෂික ව 6.1%කින් වැඩි වී ඇති අතර, එය ‍‍ගෝලීය වර්ධන වේගයට වඩා 3.1%ක වර්ධනයකි.

                ලොව පුරා තවමත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ආර්ථික ප්‍රකෘතිය පසුවන්නේ මන්දගාමී තත්ත්වයේ ය. මෙවන් පසුබිමක් යටතේ සේවා වෙළඳාමේ වැදගත්කම වඩාත් කැපී පෙනේ.චීනය ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය පවත්වමින් විදේශ ව්‍යවසායන්ට, චීන වෙළඳපොළට පිවිසීමට වැඩි අවකාශයක් ලබා දී තිබේ. එමෙන් ම චීන දේශීය ව්‍යවසායන්ට දෙස් විදෙස් වෙළඳපොළවලින් වඩාත් පුළුල් අවස්ථා සොයා ගැනීමට එම ප්‍රදර්ශනය මනා වේදිකාවක් සපයා දී ඇත. ගත වූ වසර 10 තුළ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය මගින් බොහෝ විදේශ ව්‍යවසායන්ට චීනයේ ආයෝජනය කිරීමේ අවස්ථා හිමි වී තිබේ. එම ව්‍යවසායන්ට චීනය තුළ වාණිජමය ලාභ විශාල වශයෙන් අත්කර ගැනීමට හැකි විය. චීනය විවෘතභාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමත් සමග ඉදිරියේදී විදේශ ව්‍යවසායන්ට චීනය සමග වෙළඳ ලාභ බෙදාගත හැකි බවට සැකයක් නැත.

 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම