වෙනත් රටවල් හා එක්ව සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය කැපවෙයි
2022-08-31 08:33:59
Share with:

2012 සිට චීනයේ කෘෂිකාර්මික තාක්ෂණ කණ්ඩායම රුවන්ඩාවේ කමෝනිහි Juncao නමැති පැළ විශේෂය වගා කරන ගොවීන් 5,000 කට වැඩි පිරිසක් මේ වනවිට පුහුණු කර තිබේ. Juncao යනු පරිසර හිතකාමී මෙන්ම ඖෂධීය ගුණයෙන් යුතු ආහාර බෝග පැළෑටියකි. Damas මහතා  මෙම ගොවි පිරිසට ඇතුළත් වූ අයෙකි.  Juncao වගාවෙන් තම ආදායම නංවාගෙන, නව නිවසක් ‍ගොඩනගා ගැනීමට ද හැකි වූ බව ඔහු පවසයි. මේ වන විට, Juncao වගාව රටවල් 100 කට අධික සංඛ්‍යාවක දරිද්‍රතාව තුරන් කිරීමට දායක වී තිබේ. මේ අනුව, චීනය සිය දරිද්‍රතාවය තුරන් කිරීමේ අත්දැකීම් නිර්ලෝභීව ‍සෙසු ර‍ටවල් සමඟ බෙදාගෙන ඇත.

‍මොසැම්බික්හි මාපුටෝ අගනුවර නැගෙනහිර අප්‍රිකාවේ වැදගත් ම වරායන්ගෙන් එකකි. අතීතයේ දී මාපුටෝ බොක්ක හරහා යන ගමනක් සඳහා පැය 2 ක් ගත විය. චීන‍ය ඉදිකළ විශාල පාලම හේතුවෙන් එම ගමනට දැන් ගතවන්නේ විනාඩි 10 ක් පමණකි.

මීට අමතරව, උතුරු ආර්ජන්ටිනාවේ මීටර් 4,000 ක උසින් පිහිටි ගෞචරි සානුවෙහි, චීනය සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පැනල මිලියන 1.2 ක් ඉදිකර ඇත. එමගින් එහි නිවාස 100,000 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය සැපයේ.

මෑතකදී ඉදිකෙරුණු චීන-ලාඕස දුම්රිය මාර්ගය ලාඕසයේ වියන්ටියාන් හා චීනයේ කුන්මිං යන නගර සම්බන්ධ කර ඇත. එම දුම්රිය මාර්ගයෙන් ලාඕසයේ සමස්ත ආදායම 21% කින් ඉහළ නැංවිය හැකි බව ලෝක බැංකුවේ විශ්වාසයයි.

ගෝලීය අර්බුදයන්ට මුහුණ දීමේදී, ලොව 190 කට අධික රටවල් ඉදිරියට ගමන් ගන්නේ බෝට්ටු රැසක නොව, පොදු ඉරණමක් සහිත විශාල යාත්‍රාවක ය. වර්තමානයේ චීනය සිය සංවර්ධනය, ලෝක සංවර්ධනය හා එක්කරන අතර සෙසු රටවල් සමඟ අත්වැල් බැඳගනිමින් වඩා සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට කැප වී සිටී.







ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම