ඇෆ්ගනිස්ථාන ඛේදවාචකය යළි සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව චීනය පවසයි
2022-08-30 10:42:29
Share with:

ඇෆ්ගනිස්ථානයේ සිදුව ඇති ඛේදවාචකය යළි සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා පවසයි‍‍.

මිලිටරි මැදිහත්වීම, බල දේශපාලනය හා බාහිර ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණය යනු, ජන ප්‍රසාදය අහිමි, යුක්තිසහගත ක්‍රම නොවන බව, ගත වූ වසර 20 තුළ ඇෆ්ගනිස්ථානයේ විදේශ හමුදාවල අසමත්වීම් තුළින් සනාථ කර ඇතැයි චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී ඊයේ (29) පෙන්වා දුන්නේය.

විදේශ හමුදා එරටින් ඉවත් වීම, අදාළ සිද්ධිය පිළිබඳ වගකීමේ අවසාන පියවර නොවිය යුතු බව චීනය සැමවිටම අවධාරණය කරයි. එම විදේශ හමුදා කෙලින්ම රටින් ඉවත් කිරීම වෙනුවට නිසි පියවර ගෙන සිය වරද නිවැරදි කළ යුතුය.

චීනය මුල සිටම ස්ථිර ලෙස ඇෆ්ගනිස්ථානයේ සාමය හ ස්ථාවරත්වයට දායක වන අතර, එරටට අවශ්‍ය අවස්ථාවන්හි ආධාර  ලබා දී ඇත. එසේම, දුන් පොරොන්දු ඉටුකරමින් එහි ජනතාවගේ ජීවිතය වැඩිදියුණු කර ඇති බව ද හෙතෙම පැවසීය. ඇෆ්ගනිස්ථාන ජනතාව අත්හැර දැමීම හෝ දඬුවම් කිරීම වෙනු‍වට, ප්‍රායෝගික පියවර ගෙන ඔවුන්ට සහාය වන ලෙසට චීනය ජාත්‍යන්තර ප්‍රජාවගෙන්, විශේෂයෙන්ම අදාළ වගකීම සහිත රටවලින් ඉල්ලා සිටී.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම