අප්‍රිකාවට සහාය වීම පිළිබඳ ජපාන පොරොන්දුවේ සැබෑ අරමුණ කුමක් ද?
2022-08-30 10:53:21
Share with:

ජපානයේ ප්‍රධානත්වයෙන් පැවති 8 වැනි අප්‍රිකානු සංවර්ධන සමුළුව(TICAD) ඉකුත් 27 හා 28 දෙදින ටියුනීසියාවේ දී පැවැත්විණ. ඉදිරි වසර තුන තුළ අප්‍රිකාවට ඇ.ඩො. බිලියන 30ක ආයෝජනයක් සපයමින් එම කලාපයට ප්‍රවීණයින් තුන්ලක්ෂයක් බිහිකිරීමට සහාය වන බවට මෙවර සමුළුවේදී ජපාන අගමැති Fumio Kishida වීඩි‍යෝ දේශනයක් පවත්වමින් ප්‍රතිඥා දු‍න්නේය. අගමැතිවරයාගේ මෙවන් ප්‍රකාශයක අරමුණක් වනුයේ අප්‍රිකානු රටවල් සමග සම්බන්ධතාව ගැඹුරු කිරීමෙන් චීනයට එරෙහිවීමේ ප්‍රයත්නය ශක්තිමත් කිරීම බව ජපානයේ විශාලතම පුවත්පත වන  Asahi Shinbun පුවත්පත 28 වැනිදා විග්‍රහ කර තිබිණ.

එය, නව අදහසක් නොවේ. අග්නිදිග ආසියාවේ සිට, අප්‍රිකානු මහාද්වීපය දක්වා, ඊනියා ‘යටිතල පහසුකම් ආයෝජනය’ මගින්, එක් තීරයක් එක් මාවතක් වැ‍ඩපිළිවෙළට විරුද්ධවීම, ජපාන රජය චීනය සමග තරග වැදීමේ ප්‍රධානම ක්‍රමයක් වී තිබේ. එහෙත්, ජපානයේ මේ අරමුණ ඉෂ්ට වනු ඇද්ද යන්න විමසිය යුතු කරුණකි.

ජපානය අප්‍රිකාවේ ආයෝජනය වැඩි කිරීමට යළි යළිත් පොරොන්දු වී තිබුණද එහි සැබෑ තත්ත්වය අඛණ්ඩ පහළයාමක් පෙන්නුම් කර ඇත. පසුගිය වසර දෙක තුළ එය ඇ.ඩො. බිලියන 5ක් තරමට දක්වා අඩු වී තිබේ. මේ අතර, ජපාන ආර්ථිකය වසර කිහිපයක් පුරාම පහළයමින් තිබීම මෙන්ම Fumio Kishida ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කෙරේ පක්ෂපාත අනුපාතය පහත වැටීම හමුවේ, ජපානය අප්‍රිකාවට සහනාධාර සඳහා දුන් පොරොන්දුව ඉටු වන්නේ කුමන මට්ටමකින් ද යන ප්‍රශ්නය ද මතු වේ.

ජපානය අප්‍රිකාවට සහාය වන්නේ සැබැවින්ම අප්‍රිකාවේ ප්‍රතිලාභ සඳහා ද යන්න එම රටවල තවත්  සැකයක් වී තිබේ. එම කලාපයේ  පැවැත්ම සඳහා චීනයට විරුද්ධවීම ශක්තිමත් කිරීම හැරෙන්නට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකත්වය ලබා ගැනීමට, මුදල් යොදවා අප්‍රිකාවේ අනුග්‍රහය දිනාගැනීම, ජපානයේ තවත් අරමුණක් බව ද වි‍ශ්ලේෂකයෝ පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණය, ජපානයේ හා අප්‍රිකාවේ පොදු ඉලක්කයක් බව ජාත්‍යන්තර අවස්ථා රැසකදී ජපානය පවසා ඇත. පසුගියදා පැවති සමුළුවේදී ද එවන් ප්‍රකාශයක් යළි පළ කෙරිණ.

ජපානය, අප්‍රිකාව සිය ‘ටිකට් ගබඩාව’ ලෙස සලකන බවක්  පෙනේ. එසේම, ආධාර සඳහා අතිරේක කොන්දේසි පැණවීම තුළින් ද එරට සැබෑ අරමුණ යළි අනාවරණය වී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම