තායිවාන බෙදුම්වාදී බලවේගවලට කිසිදු වැරදි සංඥාවක් නිකුත් නොකළ යුතු බව චීනය කියාසිටී
2022-08-30 19:29:02
Share with:

තායිවාන බෙදුම්වාදී බලවේගවලට කිසිදු වැරදි සංඥාවක් නිකුත් නොකළ යුතු බව, චීනය පවසයි.

තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස තත්ත්වය පිළිබඳව ඇමරිකානු නිලධාරීන්ගේ අදහස් සම්බන්ධයෙන්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian මහතා අවධාරණය කළේ, එම කලාපයේ වර්තමානයේ පවතින ආතතියට මුල්වූයේ ඇමරිකාව මත යැපෙන තායිවාන බෙදුම්වාදී බලවේග බවයි.

මේ අතර, ධවල මන්දිරයේ නිලධාරියෙකු ඉකුත් දිනක පවසා තිබුණේ, චීනයේ මිලිටරි ක්‍රියාමාර්ගය තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය තීව්‍ර කරන බවයි. චීනය මෙමගින් නව සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන අතර, ඇමරිකාව මෙය පිළිනොගන්නා  බව ද ඔහු පැවසීය.

මේ පිළිබඳව Zhao Lijian මහතා සඳහන් කළේ, තායිවාන සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන්නේ චීනය නොව, ඇමෙරිකාව සහ තායිවාන බෙදුම්වාදී බලවේග බවයි. ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවත්, තායිවානය චීනයේ කොටසක් බවත්  Zhao Lijian මහතා අවධාරණය කළේ ය.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම