කඳුකර ප්‍රදේශයේ ජනතා සෞඛ්‍යය සුරකින ‘ අශ්වාරෝහක වෛද්‍යවරයා ’
2022-08-30 10:05:31
Share with:

58හැවිරිදි Jumatai වාසය කරන්නේ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Baozhadun එ‍ඬේර කලාපයේයි. ‘ අශ්වාරෝහක වෛද්‍යවරයා ’ ලෙසින්  එහි ජනතාව ආදරයෙන් ඔහුව හඳුන්වනවා. Baozhadun එ‍ඬේර කලාපය මුහුදු මට්ටමේ සිට මීටර් 3000ක පමණ උසින් පිහිටා තිබෙනවා. නිම්න භූමිය නිසාම  සැඩ ජල ධාරා සහිත අවදානම් සහගත වටපිටාවක් ඒ ආශ්‍රිතව පවතිනවා.

1992 වසරේ වෛද්‍ය විද්‍යාලයකින් සිය අධ්‍යයන කටයුතු නිමකළ Jumatai මෙම එ‍ඬේර කලාපයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය ඇරඹුවා. සෑම ශීත ඍතුවකම අවට නිවෙස්වල සිටින එ‍ඬේර පවුල් 2000කට වැඩි පිරිසක් ශීත ඍතුව ගත කිරීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණෙනවා. මේ අයගේ රෝග විනිශ්චය කිරීම Jumatai ඉටුකරන වැදගත් කාර්යයක්. එ‍ඬෙරුවන් වාසය කරන ස්ථාන එකම ප්‍රදේශයක නෙවෙයි පිහිටා තිබෙන්නේ. කිට්ටුම ස්ථානයට යාමට Jumataiට කඳු කිහිපයක් තරණය කිරීම අවශ්‍යයි. දුර ස්ථානයකට ළඟා වෙන්න නම් අශ්වයා පිට ගොස් දවස් 2ක් ගත කරන්න ඔහුට සිද්ධ වෙනවා.

මෑත වසර වල, ෂින්ජ්‍යං හි ගමනාගමනය, අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම් කැපී පෙනෙන ලෙස යහපත් කර තිබෙනවා. Jumatai සේවය කරමින් සිටින වෛද්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් සැලකිය යුතු අයුරෙන් වර්ධනය වීම ගැන ඔහු හදවතින් ම සතුටු වන කරුණක්. ගතවූ වසර 30 තුළ, Jumatai මේ එ‍ඬේර ජනතාවගේ සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය වැනි සුලබ රෝගී තත්ත්වයන්ට අඛණ්ඩව ප්‍රතිකාර කර තිබෙනවා.  සාමාන්‍ය වෛද්‍ය සේවකයෙකු වන ඔහු, ප්‍රදේශයේ ජනතා සෞඛ්‍යය සුරකින්නා බවට පත්ව සිටීම විශේෂත්වයක්.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම