ශ්‍රී ලංකන් සමාගමේ කොටස් විකිණීමේ තීරණයක්
2022-08-29 20:47:20
Share with:

ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% ක කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලනයත් පෞද්ගලික ආයෝජකයෙකු වෙත පැවරීම සඳහා අභිලාෂ කැඳවීමට තීරණය කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටී.

ඒ අනුව, සමාගමේ 51% ක බහුතර කොටස් රජය සන්තකයේ තබාගනිමින්, 49% ක කොටස් විදෙස් ආයෝජකයෙකුට විකිණීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම