චීනය හා ලෝකය අතර වඩාත් පුඵල් වෙළඳ සම්බන්ධතාවක්
2022-08-28 14:23:40
Share with:

යුරේසියාවේ, චීන-යුරෝපා දුම්රිය ධාවනය, ගතවූ වසර 10 තුළ, සැලකිය යුතු අයුරෙන් වර්ධනය වී තිබෙනවා. මේ දක්වා ධාවන සංඛ්‍යාව ආරම්භයට වඩා 900ගුණයකින් වැඩිවීම විශේෂයෙන් ම සඳහන් කළ යුතු දෙයක්. වර්තමානයේ, සෑම දවසක ම දළ වශයෙන් දුම්රිය 42ක්, චීනය හා යුරෝපා රටවල නගර 190කට වැඩි සංඛ්‍යාවක් අතර ධාවනය කෙරෙමින් ඊට යාබද ප්‍රදේශ වලට නව සංවර්ධන අවස්ථා ගෙන දී තිබෙනවා.

මේ අතරින්, ජර්මනියේ ‘ පැරණි කාර්මික පදනම ’ ආශ්‍රිත ව පිහිටි Duisburg වරාය, චීන-යුරෝපා දුම්රිය සේවාව සඳහා වන දුම්රිය මාර්ග හා දුම්රිය ධාවනය අතින් වැඩිම සංඛ්‍යාවක් සහිත ස්ථානයක්. ගල් අඟුරු කර්මාන්තයේ පිරිහීම නිසා වෙනත් ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමට තැත් කර ඇති වරාය, චීන-යුරෝපා දුම්රිය ධාවනය කිරීමත් සමග, යුරෝපයේ භාණ්ඩ සැපයුම් මධ්‍යස්ථානයකට ශීඝ්‍රයෙන් පත් ව තිබෙනවා.

චීනය, ලෝකය හා සම්බන්ධ වන ප්‍රබලතාව පෙර විරූ නොවූ අයුරෙන් වර්ධනය වී තිබීම ප්‍රත්‍යක්ෂ කළ හැකි කාර්යයක්. මේ යටතේ, භාණ්ඩ වෙළඳ වටිනාකම වසර 10ට පෙර කාලයට වඩා ට්‍රිලියන 14.7කින් වැඩි වී තිබෙනවා. සෑම විනාඩියකට ම දළ වශයෙන් චීන යුවාන් කෝටි 7කට වැඩි වටිනාකමෙන් යුත් ගනුදෙනු චීනය හා ලෝක වෙළඳපොළ තුළ සිදු කෙරෙනවා. වත්මන් චීනය ‘ ලෝක කම්හලක් ’ පමණක් නොව, විවිධ රටවල අවධානයට යොමු වී ඇති ‘ ලෝක වෙළඳසැළක් ’ බවට පත් වනු නොඅනුමානයි.



ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම