ලබන වසරේදි රටේ ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් පිළිබඳ අපේක්ෂා
2022-08-26 15:18:27
Share with:

ලබන වසරේදි රටේ ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් බලාපොරොත්තු විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉදිරියේදී ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සැලසුම් කෙරේ. නිසි කාලයේදී අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමේ අනිසි ප්‍රතිඵල රටේ ආර්ථිකයට බලපා ඇත.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගෙන යන වැඩපිලිවෙළ සාර්ථක කරගැනීම මෙන්ම අවශ්‍ය ප්‍රතිසංස්කරණද කඩිනම් කරමින් අවශ්‍ය ඉලක්කයට යාම අපේක්‍ෂාවයි. දේශීය ණයවලට වඩා විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම මගින් නිසි කළමනාකරණයක් සිදු කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම