ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදය ආරක්ෂා කර ගැනීම කාලීන අවශ්‍යතාවක්
2022-08-25 10:09:12
Share with:

ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදය ලෝකයේ සම ප්‍රතිලාභී පැවැත්මට වැදගත් බැවින් එය ආරක්ෂා කර ගත යුතු බව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වාණිජ මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා පවසයි. ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදයට එරෙහිව ඇතැම් බටහිර බලවේග ක්‍රියා කරන ආකාරයක් මෑත කාලය තුළ දැක ගත හැකිවිය. එය ආර්ථිකමය වශයෙන් පවතින සම ප්‍රතිලාභී ක්‍රියාකාරීත්වයන් අඩපණ කිරීමේ උත්සාහයක් ලෙසට තමන් දකින බවද හෙතෙම කියා සිටී. ලෝකයට තනිව ගමනක් නොමැත. කොරොනා වසංගතයෙන් එය යළි යළිත් ඔප්පු වී තිබේ. ලෝකයට ඇත්තේ සාමූහික පොදු ඉරණමක් සහිත ගමනකි. විශ්ව ගම්මාන, විශ්ව පවුල වැනි සංකල්පයන් ගේ සිට වර්තමානයේ දී සමස්ත ලෝකයම වඩාත් සමීප වී ඇත. තාක්ෂණයේ දියුණුවත් සමග එය තව තවත් සමීප වෙමින් පවතී. එවන් පසුබිමක් තුළ තම බලවත්භාවයන් පවත්වා ‍‍ගෙන යාමට බටහිර ඇතැම් පාර්ශ්වයන් උත්සාහ ගැනීම අර්ථවිරහිත ක්‍රියාවකි. ලෝකය පොදු ගමනක් යා යුතුය යන්න බහුතර ලෝක වාසීන් ගේ පිළිගැනීම බවට පත් වෙමින් ඇත. එවන් පසුබිමක් තුළ ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදය ආරක්ෂා කර ගැනීමට ජගත් වේදිකාවලදී වැඩි හඬක් නැගීම කාලීව අවශ්‍යතාවක් යැයි ද බණ්ඩාර දිසානායක මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම