නව සීතල යුද්ධයකට ඉඩ නොදෙන බව චීනය පවසයි
2022-08-25 10:01:05
Share with:

ලෝකය "නව සීතල යුද්ධයකට" යාමට ඉඩ නොදෙන බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ඊයේ (24) යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත සමුළුවේදී කතා කරමින් මේ බව පැවසීය.

සමගිය සහ සහයෝගීතාව පදනම්ව පොදුවේ අභියෝගවලට මුහුණ දීම හදිසි අවශ්‍යතාවක්ව ඇති මෙම යුගයේ, භේදකාරී ගැටුමක් හිතාමතාම අවුලුවාලීමට සහ තීව්‍ර කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව ඉතා සුපරීක්ෂාකාරී විය යුතු බව Zhang Jun මහතා පැවසීය. ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය ආරක්ෂා කර ලෝකය "නව සීතල යුද්ධයකට" යාමට ඉඩ නොදිය යුතු බව හෙතෙම පැවසීය.

සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව, නේටෝ සංවිධානය නැවත නැවතත් නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම යුරෝපය ආරක්ෂිත කිරීමට අසමත් වූවා පමණක් නොව, ගැටුමේ බීජ වැපිරීමක් බවට පත්ව ඇත. 21 වන ශතවර්ෂයේදී, සීතල යුධ මානසිකත්වය යල්පැන ගොස් ඇතැයි Zhang Jun මහතා පෙන්වා දුන්නේය. මිලිටරි බලය පිළිබඳ මිථ්‍යා විශ්වාස සහ නිරපේක්ෂ ආරක්ෂාව ලුහුබැඳීමෙන්, තත්වය තීව්‍ර කිරීම පමණක් සිදු වන අතර එය කිසිදු පාර්ශ්වයක ප්‍රතිලාභවලට අනුකූල නොවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම