චීනය හා ඉන්දියාව අතර දේශ සීමා මායිම් ගැටළුවට තුන්වෙනි පාර්ශ්වයක් බලපෑම් එල්ල කිරීමට චීනයේ විරෝධය
2022-08-25 19:24:32
Share with:

චීනය හා ඉන්දියාව අතර දේශ සීමා මායිම් ගැටළුවට තුන්වෙනි පාර්ශ්වයක් බලපෑම් එල්ල කිරීමට චීනය දැඩිව විරෝධය පළ කරයි.

ඇමරිකාව හා ඉන්දියාව යන රටවල් 2කේ විශේෂ හමුදාව දින 20කට වැඩි කාලයක් තුළ Himaalaya කන්ද ආශ්‍රිත ව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ක්‍රියාවට නංවා තිබේ. මේ පිළිබඳව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Tan Kefei මහතා අද(25) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අදාළ රටවල් අතර සිදු කරන යුදමය අභ්‍යාස තුන්වෙනි පාර්ශ්වකයට එරෙහි නොවිය යුතු බව චීනයේ ස්ථිර ආකල්පයක් බව සඳහන් කළේ ය. එවැනි යුදමය අභ්‍යාස කලාපීය සාමය හා ස්ථායිතාවට හිතකර විය යුතු ය. චීන හා ඉන්දියානු රාජ්‍ය නායකයන් එළඹ ඇති වැදගත් එකඟතාවන් හා ඒ හා බැඳුණු ගිවිසුම් ඉන්දියාවට ප්‍රායෝගික ව අනුගමනය කළ හැකි වෙතැයි චීනයේ අපේක්ෂාවයි. එමෙන්ම ද්වීපාර්ශ්වික මාර්ග වලින් දේශ සීමා මායිම් ගැටළු නිරාකරණය කිරීමේ ප්‍රතිඥාවන්හි එල්බ සිටීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. ප්‍රායෝගික ක්‍රියාවන් වලින් දේශ සීමා මායිම් ප්‍රදේශ වල සාමය හා සන්සුන් බව ආරක්ෂා කළ හැකි වනු ඇති බවට චීනය අපේක්ෂා කරන බව ද ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම