මෑත වසරවල, චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ බායින්ගෝල මොන්ගෝලියානු ස්වායත්ත ප්‍රාන්තයේ සුවිශාල කපු වගා බිමක, පෙර නොවූ විරූ දර්ශනයක් මතු වුණා. පුද්ගලයින් දෙදෙනෙක්, මිනිසුන් රහිත ඩ්‍රෝන දෙකක්, සුහුරු උපකරණ 300ක්, මේ සියල්ලෙන් එහි හෙක්ටාර දෙසීයක බිම්සරියක කපු වගා කටයුතු අවසන් කර තිබෙනවා.
බුද්ධිමත් බීජ වැපිරීමේ යන්ත්‍රය ක්‍රියා කිරීමේ දී වගා බිම මත සෘජුව ඇඳි ලකුණු ඉතුරු වෙනවා. එහි චර්යා වරද, සෙන්ටිමීටර් 2.5කට අඩු මට්ටමක පවතිනවා. ජලය දැමීම, අධීක්ෂණය කිරීම, පොහොර දැමීම සිදු කෙරෙන්නේ Tablet පරිගණකයක පාලනය මගින්. පූර්ණ බුද්ධිමත් කළමනාකරණයෙන් මේ වගා බිම මගින් ටොන් හත්සීයයක වාර්ෂික අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය, සාම්ප්‍රදායික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමය, හිතා ගත නොහැකි වේගයකින් නවීකරණය කරා වර්ධනය කර තිබෙනවා.
ඩිජිටල්කරණය සමාජයට එල්ල වන තවත් බලපෑමක්, සමාජ ශ්‍රම විභජනය ප්‍රතිහැඩගැසීමයි. ‘ඩිජිටල්’ යන ලේබලය සහිත වෘත්තීය වර්ග අනූවකට වැඩි බව චීනය නිකුත් කළ අලුත්ම වෘත්තීය වර්ගීකරණයෙන් පිළිබිඹු වෙනවා. ‘රොබෝ ඉංජිනේරු තාක්ෂණිකයා’, ‘3D printing තාක්ෂණිකයා’, ‘වාණිජ දත්ත විශ්ලේෂකයා’ , ‘කෘෂිකාර්මික ඩිජිටල්කරණ තාක්ෂණිකයා’ යන ඩිජිටල් වෘත්තීය නියුක්තිකයින් සමාජයේ නිෂ්පාදනය, භාණ්ඩ බෙදාදීම හා පරිභෝජනය පිළිබඳ විවිධ ක්‍රියාදාමයන්ට දායක වෙමින් සිටිනවා.
ගෙවී ගිය දශකයක් තුළ චීනයේ ඩිජිටල් ආර්ථික ධාරිතාව යුවාන් ට්‍රිලායන 11ක සිට ට්‍රිලියන 45.5ක් දක්වා වැඩි වුණා. එය දළදේශීය නිෂ්පාදිත වටිනාකමෙන් ගන්නා අනුපාතය සියයට 21.6ක සිට සියයට 39.8ක් දක්වා වර්ධනය වීම ද විශේෂත්වයක්. අද දවසේ නාගරික ප්‍රදේශවල වුවද ගම්බද ප්‍රදේශ වුවද, ඩිජිටල්කරණය චීන ආර්ථික වර්ධනයට බලවත් අභිප්‍රේරණය එකතු කරමින් පවතිනවා.