රටේ විවෘතභාවයේ ප්‍රතිපත්ති සක්‍රියව පෙරට ගෙනයන චීනයේ මධ්‍යම හා බටහිර ප්‍රදේශ
2022-08-24 15:04:27
Share with:

ගතවූ වසර 10 තුළ, චීනයේ කලාපීය පුනර්ජීවන වැඩපිළිවෙළ යටතේ, අභ්‍යන්තර ගොඩබිම් කලාපයේ පිහිටි මධ්‍යම හා බටහිර ප්‍රදේශ, රටේ විවෘතභාවය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ඉදිරියෙන් පසුවනවා. මේ නිසා ම, තරුණ තරුණියන් වැඩි පිරිසක් එම ප්‍රදේශ, තම සිහින ඉටු කරගැනීමේ නව ගමනාන්තයන් ලෙස සලකනවා.

චීනයේ Guiyang නගරය කඳුකර ප්‍රදේශයක් වීමත්, මාර්ග පහසුකම් අඩු වීමත් නිසා දිගුකලක් තිස්සේ ආර්ථික සංවර්ධනය පිළිබඳ විවිධ බාධාවන්ට ලක් වී තිබුණා. වෘත්තීමය දැනුම සහිත ජනතාව එම නගරය අත හැර වෙනත් ප්‍රදේශ  තෝරාගත්තා. නමුත්, 2013 වසරේ සිට, විශාල දත්ත කර්මාන්තය ප්‍රධාන කරගත් Guiyang නගරය, විද්‍යුත් තොරතුරු නිෂ්පාදන හා නව බලශක්ති මෝටර් රථ කර්මාන්ත කෙරෙහි ඉහළ අවධානයක් යොමු කළා. මෙමගින්, වෘත්තිකයන් යළි කැඳවා ගැනීමට Guiyang නගරය සමත්වී තිබෙනවා.

Cao Yuteng සහ ඔහුගේ කණ්ඩායම එවන් පිරිසක්. 2015 වසරේ බෙයිජිං නගරයේ සිට Guiyang වෙත පැමිණීමට ඔවුන් තීරණය කළා. බුද්ධිමය මෝටර් රථ පිළිබඳ පර්යේෂණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක්.

ගතවූ වසර 10 තුළ, මධ්‍යම හා බටහිර චීනයේ බොහෝ නගරවල සිදු වී ඇති වෙනස්කම් මෙහි දැක්වෙන චන්ද්‍ර සිතියම් මගින් මනාව පිළිබිඹු කෙරෙනවා. ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය, Yunnan පළාත රාත්‍රී ආලෝක ඡායාරූපවලින් දැක්වෙන වපසරිය 80%කින් වර්ධනය වී තිබෙනවා. චීන ජනතාව ගතවූ කාලයේ දැරූ ප්‍රයත්නයන් හි සාර්ථකත්වය ද මෙවැනි ඡායාරූප මගින් ප්‍රත්‍යක්ෂ කළ හැකි කරුණක්.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම