තායිවාන සමුද්‍ර සන්ධි දෙපස නොසන්සුන් කරන ඇමරිකාවේ අඥාන ක්‍රියා
2022-08-24 11:31:56
Share with:

     

        පසුගිය දා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ කථානායිකා Nancy Pelosi අනවසරයෙන් චීනයේ තායිවාන පළාතේ සංචාරය කිරීම හේතුවෙන් චීනය හා ඇමරිකාව අතර පමණක් නොව තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ද නොසන්සුන්කාරීත්වයක් උද්ගත විය. ඉන් අනතුරුව ඇමරිකානු දේශපාලනඥයන් කිහිප වරක් මාරුවෙන් මාරුවට අනවසරයෙන් තායිවානයේ සංචාරය කර ඇත්තේ එම නොසන්සුන්කාරීත්වය තව තවත් උග්‍ර කරමිනි.

       තායිවාන සමුද්‍ර සන්ධියේ මතුව ඇති අර්බුදයට 100%කින් වග කිව යුත්තේ ඇමරිකාව බව ඉතා පැහැදිලි කරුණකි. Nancy Pelosi තායිවානයට ගියේ දේශපාලන වාසි වෙනුවෙන් ඇමරිකානු රජයේ සැලැස්මකට අනුව ය. එම ක්‍රියාව එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන බරපතල ව උල්ලංඝනය කිරීමකි. ඉන් චීන ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවටත් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වයටත් චීන-ඇමරිකානු දේශපාලන අඩිතාලමටත් විශාල වශයෙන් හානි සිදුව ඇත. සිය ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ බාහිර මැදිහත්වීම් වැළැක්වීම, සෑම රටකටම හිමි අයිතීන් ය. ඇමරිකාවේ එවන් ප්‍රකෝපකාරී ක්‍රියාවක් හමුවේ චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වමින් පියවර රැසක් ගෙන තිබේ. එසේ කිරීමෙන් චීනය ඇමරිකාවට හා තායිවාන බෙදුම්වාදීන්ට පැහැදිලි සංඥාවක් නිකුත් කර ඇත. තම කේන්ද්‍රීය අයිතිය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව චීනය ඉන් පෙන්වා ඇත .

           එකම චීනය මූලධර්මය චීනයේ කේන්ද්‍රීය අයිතියකි. මේ වන විට රටවල් 170ක් පමණ හා බොහෝ ජාත්‍යන්තර සංවිධාන එකම චීනය ප්‍රතිපත්තියට සහය වන බව යළි ප්‍රකාශ කර තිබේ. පසුගිය දා ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන Henry Alfred Kissinger මහතා සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ Nancy Pelosi ගේ තායිවාන සංචාරය අඥාන ක්‍රියාවක් බවයි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම