තම බලය තහවුරු කර ගැනීම සඳහා සෙසු රටවල් පාලනයට උත්සාහ දරන ඇමරිකාව
2022-08-24 09:17:26
Share with:

ඇමරිකාව සිය බලය තහවුරු කර ගැනීම උදෙසා ද්වීපාර්ශ්වික හා බහුපාර්ශ්වික උපක්‍රම භාවිත කරමින් ලොව පුරා කටයුතු කරමින් සිටින බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය චන්දිම අබේසිංහ මහතා පවසයි. සෑම කලාපයකම තම බල කඳවුරට සම්බන්ධ පිරිස්, විශේෂයෙන් නේටෝ සංවිධානය ඇතුළු තම බලපෑම් සහගත ජගත් ආයතන හරහා සිය දේශපාලන හා ආර්ථික අභිලාෂ වෙනුවෙන් ඇමරිකාව ක්‍රියා කරමින් සිටී.

කලාපීය වශයෙන් ගත් කල මැදපෙරදිගින් ඊශ්‍රායලය, ශාන්තිකර සාගරයේ ජපානය සහ කොරියාවත්, යුරෝපයේ බ්‍රිතාන්‍යයත් සම්බන්ධ කර ගනිමින් ඇමරිකාව තම දේශපාලන අරමුණු සාක්ශාත් කර ගැනීමටත්, තම ආධිපත්‍යයට තර්ජනයක් වන්නේ යැයි උපකල්පනය කරමින් ලෝකයේ වර්ධනය පාලනය කිරීමටත් බල දේශපාලනය ප්‍රතිනිර්මාණය කිරීමටත් කටයුතු කරමින් ඇත.

චීනයේ  ආර්ථික වර්ධනය පාලනය කිරීමට නැවත වතාවක්  ඇමරිකාව ද්වීපාර්ශ්වික හා බහුපාර්ශ්වික මුල්‍ය උපක්‍රම සමග උත්සාහ දරමින් සිටින්නේ ද මෙවැනි පසුබිමකය.

ඉන්දු පැසිෆික් දේශපාලන ආර්ථික සංධානය ගොඩනැගීම‍ ඊට සම්බන්ධ වේ.  ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ ඇමරිකාව මැදිහත්ව ගොඩනැගෙන සිව් පාර්ශ්වික සංධානය හරහා යොදා ගන්නා උපක්‍රම තේරුම් ගත යුතු බවද ආචාර්ය චන්දිම අබේසිංහ මහතා පෙන්වා දෙයි.

චීනයේ ටිබෙටය, ෂින්ජ්‍යං ස්වයාත්තය, හොංකොං සහ තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීමේදී චීනයට ‍එරෙහි එම උත්සාහයන් පැහැදිලි යැයිද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම