ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව‍ට ගරු කිරීම, රටවල් අතර සබඳතාවේ ස්වර්ණමය නීතිය බව චීනය කියයි
2022-08-23 13:54:02
Share with:

ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව‍ට ගරු කිරීම, රටවල් අතර සබඳතාවේ ස්වර්ණමය නීතිය බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා පවසයි.

මේ මස වාරික සභාපති රට වන චීනයේ යෝජනාවට අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(22) සහයෝගිතා හා සංවාද ශක්තිමත් කිරීම හා පොදු ආරක්ෂාව රැක ගැනීම පිළිබඳව විවෘත සමුළුවක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා එම සමුළුව කැඳවමින් පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය විසින් නියම කරන ලද ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමේ වැදගත් මූලධර්මය නූතන ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතාවේ පදනම බවට පත් වන බවයි. එම මූලධර්මය නොසලකා හැරියහොත් සමස්ත ජාත්‍යන්තර නීති පද්ධතිය බිඳ වැටෙනු ඇත. චීනය මුල සිට ම සෙසු රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරු කරමින් සිටී. ස්ථීර ලෙස සිය ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය සියළු පියවර ගන්නා බව Zhang Jun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම