ගෝලීය සංවර්ධනය වෙනුවෙන් දුම්රිය අංශය හරහා චීනය ලබා දෙන දායකත්වය
2022-08-23 11:17:42
Share with:

 

               ඊයේ (21) චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට නම් විශේෂ දිනයකි. මේ වසරේ 10000වැනි චීන-යුරෝපා සීග්‍රගාමී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඊයේ(21) චීනයේ ශි අන් නගරයෙන් පිටත් විය. චීනයේ පළමු අධිවේගී දුම්රිය අපනයනය නිල වශයෙන් ආරම්භ වූයෙත් ඊයේ දිනයේ ය.

               එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ දුම්රිය සේවා ක්ෂේත්‍රයේ චීනය බොහෝ රටවල් හා ප්‍රදේශ සමග යහපත් සහයෝගිතා පවත්වමින් සිටී. චීන-යුරෝපා සීග්‍රගාමී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා ඒ අතරින් කැපී පෙනේ.

             දැනට යුරෝපීය රටවල් 24ක නගර 200ක් ආවරණය කරමින් චීන-යුරෝපා සීග්‍රගාමී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ග 82ක් සකස් කර ඇත. එහි මෙහෙයුම් පරිමාව එම දුම්රිය සේවා විවෘත කළ  2011 වසර මෙන් 900 ගුණයකට ආසන්න ය. එමගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ මෝටර් රථ, යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ඇතුළු කාණ්ඩ 53 කින් හා වර්ග 50,000 කින් සමන්විත වන අතර එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 300කි. චීන-යුරෝපා සීග්‍රගාමී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා මගින් බොහෝ යුරෝපීය රටවලට නව අවස්ථා මෙන් ම එහි ජනතාවටත් වඩාත් යහපත් ජීවිත ලැබී තිබේ.

ඉන්දුනීසියාවේ Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය තවත් මනා නිදසුනකි. එම අධිවේගී දුම්රිය මාර්ගය ඉන්දුනීසියාවේ Jakarta අගනුවර සහ 4වන විශාලතම නගරය වන Bandung අතර ධාවන කාලය පැය 3නේ සිට විනාඩි 40 දක්වා කෙටි කර ඇත.මෙම වෙනස තුළින් නව සංවර්ධන අවස්ථා හා නව ජීවන රටාවක් නිර්මාණය වන බව බොහෝ ඉන්දුනීසියානු ජාතික‍‍යෝ පවසති.

              ගෝලීය සංවර්ධනය විවිධ අභියෝගවලට මුහුණ දී සිටී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කෙරෙන දුම්රිය සේවා සහයෝගිතා මගින් ගෝලීය සංවර්ධනය වෙනුවෙන් චීනය දරන අඛණ්ඩ උත්සාහ මැනවින් පිළිබිඹු වේ.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම