ග්‍රාමීය ආර්ථිකයේ පුනර්ජීවනය වෙනුවෙන් අගමැතිගෙන් කමිටුවක්
2022-08-23 14:29:43
Share with:

ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථිකයේ පුනර්ජීව කේන්ද්‍රය බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා කමිටුවක් පත් කෙරේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ‍ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කෙරේ. මේ යටතේ ධීවර කර්මාන්තය සවි බල ගන්වන්නේ කෙසේද යන්න පිළිබද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර ඇත. මීට පෙර පශු සම්පත් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද  සාකච්ඡා පවත්වා තිබේ.  ඉදිරි වසර දෙක සදහා ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීමට කඩිනම් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කල යුතු බවට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම