සෙසු රටවල ස්වාධිපත්‍යය උල්ලංඝනය කළ බ්‍රිතාන්‍යය
2022-08-23 10:55:22
Share with:

 මෑතකදී ආජන්ටිනාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ප්‍රමුඛත්වයෙන්, ආජන්ටිනාවේ සිටින විශ්ව විද්‍යාලීය සිසුන්ගේ කෙටි වීඩියෝ නිර්මාණ තරගයක් ආරම්භ කෙරිණ. එහි ජයග්‍රාහකයන්ට සම්මානයක් වශයෙන් Malvinas සමූහ දූපත්වල සතියක සංචාරක අවස්ථාවක් ලබා දෙන බවට ද ප්‍රකාශ කර ඇත. මෙය ආජන්ටිනා විදේශ අමාත්‍යංශයේ දැඩි හා ගාම්භීර විරෝධයට ලක් විය. බ්‍රිතාන්‍යය විසින් Malvinas සමූහ දූපත් අත්පත් කර ගැනීමේ වත්මන් තත්ත්වය ප්‍රචාරය කිරීම බ්‍රිතාන්‍යයේ අරමුණ බව පෙන්වා දුන් ආජන්ටිනාව, එක්සත් ජාතීන්ගේ තීරණය අනුගමනය කරමින් එම ප්‍රදේශයේ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන ලෙසට බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර ඇත.

ඉතිහාසයෙන් සත්‍යය දැකිය හැකිය. වසර 1816 ස්පාඤ්ඤ යටත්විජිත පාලනයෙන් නිදහස් වූ ආජන්ටිනාව Malvinas සමූහ දූපත්වල ස්වාධිපත්‍යය ද උරුම කර ගත්තේය. එහෙත් පසුව බ්‍රිතාන්‍යය විසින් දකුණු ඇමරිකානු මහාද්වීපයේ මෙහෙයවූ යටත්විජිත ව්‍යාප්තයෙන් ප්‍රචණ්ඩත්වය යොදා ගෙන බලහත්කාරයෙන් Malvinas සමූහ දූපත් අත්පත් කර ගත්තේ ය. ඒ, වසර 1833නේදීය. වසර 1965හේ එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අංක 2065 තීරණය අනුමත කරමින් Malvinas සමූහ දූපත්වල ස්වාධිපත්‍ය ප්‍රශ්නය නිර්යටත්විජිතවාදී පරාසයට ඇතුලත් කර, සංවාද මාර්ගයෙන් අදාල ගැටුම නිරාකරණය කරන ලෙසට ද බ්‍රිතාන්‍යයෙන් හා ආජන්ටිනාවෙන් ඉල්ලීමක් කර ඇත.

Malvinas සමූහ දූපත් ආජන්ටිනාවේ මුහුදු කලාපයට අයත් බව වසර 2016 මාර්තු මාසයේ මහද්වීපික සීමා පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම තීන්දු කළේය. ලතින් ඇමරිකානු මහාද්වීපය හා Caribbean කලාපයේ පිහිටි සියළු රටවල් පාහේ, Malvinas සමූහ දූපත් ප්‍රශ්නයට අදාලව ආජන්ටිනාවට සහාය වී ඇත. එසේම Malvinas සමූහ දූපත්වල ස්වාධිපත්‍යය සඳහා ආජන්ටිනාවේ යුක්තිසහගත ඉල්ලීමට චීනයේ ස්ථිර අනුබලය හිමි වී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම