2022 ලෝක රොබෝ තාක්ෂණ සමුළුව චීනයේ බෙයිජිං නුවර දී
2022-08-21 16:28:30
Share with:

2022 ලෝක රොබෝ තාක්ෂණ සමුළුව මේ දිනවල චීනයේ බෙයිජිං නුවර දී පැවැත්වේ. ව්‍යවසායන් 130කින් රොබෝ කට්ටල 500කට වැඩි ප්‍රමාණයක් එහිදී  ප්‍රදර්ශනය කෙරේ. ඒ අතරින් 30කට අධික සංඛ්‍යාවක් ලොවට අලුතින් හඳුන්වාදෙනු ලබන ඒවා වීම විශේෂත්වයකි. අගෝස්තු 18 සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන රොබෝ තාක්ෂණ සමුළුව ප්‍රදර්ශනය හා තරගාවලියකින් ද සමන්විත වේ.

මෙම සමුළුව උසස් රොබෝ විද්‍යාව හා ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධිය, යාන්ත්‍රික අධ්‍යයන, බුද්ධිමය නිෂ්පාදන, මොළයට සමාන පරිගණක අතුරු මුහුණත (BCI) සහ මානව-යාන්ත්‍රික බුද්ධිමය අන්තර් ක්‍රියා වැනි රොබෝ විද්‍යා ක්ෂේත්‍රයේ අතිනවීන ජයග්‍රහණ සහ සංවර්ධන ප්‍රවණතා බෙදාගැනීමේ ප්‍රමුඛ වේදිකාවකි. රටවල් සහ කලාප 15 ක් නියෝජනය කරන  විශේෂඥයෝ 300කට අධික පිරිසක් ඊට එක්ව සිටිති. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම