චීන-ප්‍රංශ ඉහළ නිලධාරීන් දෙපළක් දුරකථන සංවාදයක
2022-08-20 15:40:44
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශකවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි.  

චීනය සහ ප්‍රංශය ස්වාධීනත්වයේ සම්ප්‍රදාය සතු විශාල රටවල් දෙකකි. ජාත්‍යන්තර තත්වය වඩාත් සංකීර්ණ වුවද, ලෝක සාමය සහතික කර පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ජාත්‍යන්තර වගකීම දෙරටම භාර ගත යුතු බව ඊයේ(19) පැවති එම සංවාදයේදී වං යී මහතා පැවසීය. චීනයේ තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් පළකළ හෙතෙම, එකම චීනය ප්‍රතිපත්තියට සැමවිටම අනුගත වීම පිළිබඳව ප්‍රංශයට පැසසුම් පළකළේය.

චීනය මෙන්ම ප්‍රංශය ද සීතල යුද චින්තනය ප්‍රතික්ෂේප කරන අතර, කණ්ඩායම් ගැටුමට එරෙහි වන බව, ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne මහතා එහිදී පැවසීය. චීනය සමඟ වත්මන් ජාත්‍යන්තර සහ කලාපීය අර්බුදයට පොදුවේ මුහුණ දෙමින් සහයෝගිතාවයේ ධනාත්මක පණිවිඩයක් ලෝකයට නිකුත් කිරීමට ප්‍රංශය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය. ප්‍රංශය සහ චීනය අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරි සබඳතාවේ වර්ධනය ප්‍රංශය සැමවිටම වැදගත් කොට සලකයි. එකම චීනය ප්‍රතිපත්තිය සැමවිටම අනුගමනය කරන ප්‍රංශය චීනයේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ගරු කිරීමේ ස්ථාවරය කිසිවිටෙක වෙනස් නොකරයි. සංවාද මගින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද Emmanuel Bonne මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම