ඉකුත් දශකය තුළ චීන ගමනාගමන පහසුකම් ජාලයේ ශීඝ්‍ර වර්ධනයක්
2022-08-20 17:10:36
Share with:

වසර දහයකට පෙර, චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයේදී Guangxi ප්‍රදේශයේ සේවය කරන මිලියන ගණනක් ගැමි කම්කරුවන් අලුත් අවුරුද්ද සැමරීම සඳහා තම ගම්බිම් බලා ගියේ යතුරුපැදිවලිනි. වර්තමානයේ එම "යතුරුපැදි ගමන්" අතීතයට එක් වී ඇත. දුරබැහැර පළාත්වල සිට උපන්ගම බලා එන ගැමි කම්කරුවන්ට දැන් වඩාත් පහසුය. ඔවුන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සුවපහසු හා අධිවේගී දුම්රියෙන් තම සමීපතමයන් හමුවීමට යා හැකිය.

2022 ජූනි මාසයේදී, ලොව ප්‍රථම කාන්තාර දුම්රිය මාර්ගය චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයෙහි විවෘත විය. මෙම දුම්රිය මාර්ගය මගින් එහි බොහෝ ප්‍රදේශවල දුම්රිය පහසුකම් නොවූ ඉතිහාසය අවසන් කෙරිණ. වයඹ දිග චීනයේ විශාල කාන්තාර ප්‍රදේශයන්හි සංචාරය කිරීමට තවදුරටත් බාධාවක් නොමැත.

වර්තමානයේ Karst භූමි ආකෘති සඳහා ප්‍රසිද්ධ Guizhou පළාතේ විවිධ වර්ගයේ පාලම් 20දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉදි කර ඇත.  කලින් පැවති සම නොවූ භූමි ප්‍රදේශ "අධිවේගී තැනිතලා" බවට පත්ව තිබේ.

එසේම ගෙවී ගිය වසර 10 තුළ චීනයේ ගම්මාන 50 දහසකට අධික සංඛ්‍යාවක බස් සේවා අරඹා ඇත. බටහිර චීන ප්‍රදේශවල දුම්රිය මාර්ගයන්හි සමස්ත දිග කිලෝමීටර් 60දහස ඉක්මවා ගොස් ඇති අතර, එම  ප්‍රමාණය චීනයේ සමස්ත දුම්රිය මාර්ග දුරින් 40%ක් වීම ද කැපීපෙනේ.

ගෙවී ගිය වසර 10 තුළ, චීන ජාතිකයන් කිසි විටෙකත් දුෂ්කරතා ජය ගැනීමේ ප්‍රයත්න අතහැර නොදැමූ අතර, ඒ නිසාම විවිධ විස්මිත අවස්ථා හිමිකරගෙන තිබේ. මේ යටතේ සංවෘතව මෙන්ම  හුදකලා ව පැවති ප්‍රදේශ ප්‍රවාහන ජාලයට සම්බන්ධ වී ඇති අතර, චීන ජනතාව දිනෙන් දින වැඩිදියුණු වන ගමනාගමන පහසුකම් ඔස්සේ තම සිහින සාර්ථකව හඹායමින් සිටිති.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම