ඇල්ජීරියාවේ හටගත් දරුණු ලැව්ගිනි පිළිබඳව චීන විදේශ ඇමතිවරයාගේ සංවේගය
2022-08-20 18:28:37
Share with:

ඇල්ජීරියාවේ හටගත් දරුණු ලැව්ගිනි පිළිබඳව චීන විදේශ ඇමතිවරයා සිය කම්පනය හා ශෝකය පළකරයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා ඊයේ(19) ඇල්ජීරියාවේ විදේශ කටයුතු හා විදේශ සංක්‍රමණිකයන් පිළිබඳ ඇමතිවරයා වෙත විද්‍යුත් ලිපියක් යොමු කරමින් උතුරු ඇල්ජීරියාවේ ප්‍රදේශ රැසක සිදු වූ දරුණු ලැව්ගිනි සම්බන්ධයෙන් සිය සංවේගය පළකළේ ය.

එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් සහ තුවාල ලැබූවන් වෙත අවංක සංවේගය පළකරන බව වං යී මහතාගේ  පණිවුඩයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම