වෙනත් රටවල සම්පත් උදුරාගන්නා ඇමරිකානු මැර ප්‍රතිපත්ති
2022-08-20 14:55:41
Share with:

මේ මස මැද භාගයේ දිනක, ඊසානදිග සිරියාවේ හසාකා පළාතේ තෙල් නිධියකින් ඇමරිකානු සොල්දාදුවන් විසින් සොරකම් කරන ලද ඛණිජ තෙල් ටැංකි විශාල සංඛ්‍යාවක් නීතිවිරෝධී දේශසීමා හරස් මාර්ගයක් ඔස්සේ ප්‍රවාහනය කර ඇත. ඒ, ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරක් වෙතයි. අගෝස්තු මාසයේ සිට ඇමරිකානු හමුදාව තෙල් සොරකම් කළ හයවන අවස්ථාව මෙයයි.

ඇමරිකානු නීතිවිරෝධී යුදමය මැදිහත්වීම් මෙන්ම සිරියාවේ ජාතික සම්පත් කොල්ලකෑම් හේතුවෙන් සිරියානු ජනගහනයෙන් 90% ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර, කෝටියකට අධික සංඛ්‍යාවක් අවතැන් ව සිටිති.

ඛණිජ තෙල් සොරකම් කිරීම, ආහාර කොල්ලකෑම, මුව ආවරණ පැහැරගැනීම, වෙනත් රටවල් විසින් ඇමරිකාවේ ගබඩා කර ඇති රත්රන් ආපසු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම වැනි මැර ක්‍රියාවන්ට  අමතරව සම්බාධක නාමයෙන් පවා ඇමරිකාව බොහෝ විට වෙනත් රටවල වත්කම් අත්පත් කර ගනී. 2019 දී ඇමරිකාව එරට තුළ පැවති වෙනිසියුලානු රජයේ සියලු වත්කම් අත්හිටුවීය. යුක්රේන අර්බුදය ව්‍යාප්ත වීමත් සමග එලෙසින්ම රුසියානු රජය සතු විශාල මූල්‍ය ආයතනවල වත්කම් ද අත්හිටුවීමට ඇමරිකාව පියවර ගත්තේය.

එපමණක්ද නොව, ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ ඩොලර් බිලියන 7ක වත්කම් ඇමරිකානු පාර්ශ්වය විසින් අත්හිටුවා ඇත. "ධනවත්ම රට දුප්පත්ම රටේ මුදල් සොරකම් කිරීම, ඇමරිකාවේ අඳුරු සදාචාරාත්මක ස්වභාවය හෙළිදරව් කරයි" යනුවෙන් ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජය මේ ක්‍රියාව හෙළාදුටුවේය.

ඇමරිකානු සොල්දාදුවන්ගේ සොරකම් සහ කොල්ලකෑම් එරට අධිපතිවාදයේ යථාර්ථය පිළිබිඹු කරන අතරම, ඇමරිකානු විශ්වසනීයත්වයේ  බංකොලොත්භාවය තවදුරටත් තීව්‍ර කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම