ජනතාවට සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමට ඇමරිකාව සමත්වනු ඇද්ද?
2022-08-19 11:36:30
Share with:

ඇමරිකානු ඩොලර් 3.99ක් වැනි අඩු මිලකින් යුතු මස් ඇසුරුමක් පවා සොරකම් කළ නොහැකි පෙට්ටිවල බහා අලෙවි කිරීමට තරම් අනාරක්ෂිත තත්ත්වයක් ඇමරිකාවේ පවතින බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. සමහර වෙළඳසැල්වල එකම රාත්‍රියකදී සිව් වතාවක් සොරකම් සිදුව ඇත. මෙවන් දේ සිදුවන්නේ ඇමරිකාවේ විශාලතම නගරය වන නිව්යෝක් හිදී  වීමත් පුදුමයට කරුණකි. අදාළ මාධ්‍ය වාර්තා අනුව, නිව්යෝක් නුවර සොරකම් වැඩිවීම නිසා ඇතැම් සාප්පු සංකීර්ණ සහ සුපිරි වෙළඳසැල්වලට ස්වයං මුදාගැනීමේ පියවර යෙදීමට ද සිදු ව තිබේ. මෙය ඇමරිකාවේ සමස්ත අර්බුදයේ කුඩා පිළිබිඹුවකි.

දිනෙන් දින උග්‍ර වන දරුණු අපරාධ රැල්ල ඇමරිකාව පුරා අර්බුදයක් නිර්මාණය කර ඇත. එරට අපරාධ යුක්ති කමිටුව විසින් 2022 වසරේ මුල් මාස 6 ට අදාළව මෑතකදී නිකුත් කළ අපරාධ වාර්තාවෙන් මේ බව සනාථ වෙයි.  ඒ අනුව, මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ නගර 23 කින් වාර්තා වී ඇති ඝාතන නඩු සංඛ්‍යාව, 2019 වසරේ අගයට සාපේක්ෂව සියයට 39කින් වැඩි වී ඇත. ඇමරිකාවේ ජනගහනය ලෝක ජනගහනයෙන් සියයට 5ක් පමණකි. එහෙත් එරට සිරකරුවන්ගේ සංඛ්‍යාව ලොව සමස්ත සිරකරුවන්ගේ සංඛ්‍යාවෙන් සියයට 25ක් වීම කැපී පෙනෙන කරුණකි.

තමා ලොව එකම සුපිරි බලවතා යැයි කියාගත්ත ද ඇමරිකානු ජනතාව ජීවත් වන්නේ අනාරක්ෂිතභාවය පිළිබඳ බියෙනි. මෙය ඇමරිකානු රාජ්‍ය පාලනයේ  අසාර්ථකභාවය මෙන්ම  මානව හිමිකම් සුරැකීමට අපොහොසත් වීමේ තත්ත්වය මැනැවින් කියාපායි.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා අගෝස්තු මස මුලදී රට වඩාත් සුරක්ෂිත කිරීම පිළිබඳ සැලැස්මක් නිකුත් කළේය. 2023 මූල්‍ය වසරේදී ඇමරිකාව පුරා ප්‍රජා ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමේ සහ අපරාධ වැළැක්වීමේ ව්‍යාපෘතිවලට අනුබල දීමට ඇමරිකානු ඩොලර් බිලියන 37ක් වෙන් කරන බව ද එහි දැක්විණ. එහෙත් එම සැලැස්ම පොදු සැකයට තුඩු දී ඇත.

මෑතකදී වොෂින්ටන් පෝස්ට් හි පළ වූ ප්‍රවෘත්තියකට අනුව, ජූලි මාසයේ ඇමරිකාවේ තුවක්කු අලෙවිය මිලියන 1.2ක් ඉක්මවා ගොස් නව වාර්තාවක් පිහිටුවා තිබේ. ඇමරිකානු ජනතාව තම ආරක්ෂාව වෙනුවෙන් තුවක්කු මිලදී ගැනීම දිනෙන් දින වැඩිවන අතර, විශාල පිරිසක් තම ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලට පත්ව සිටිති. ලොව ප්‍රබල ම රටක් වන ඇමරිකාවට මෙම අර්බුදයෙන් මිදිය හැකිවේ ද?

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම