Liaoning පළාතේ නවෝත්පාදන හා ජන ජීවිතය කෙරෙහි චීන ජනපතිගේ ඉහළ අවධානය
2022-08-19 10:55:31
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, Liaoning පළාතේ Shenyang නගරයේ නිරත වූ නිරීක්ෂණ සංචාරයේදී නවෝත්පාදනය හා ජන ජීවිතය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරයි.

ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු පැවති, ඊසානදිග චීනයේ පුනර්ජීවන වැඩමුළු දෙකේදී ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. නවෝත්පාදනය හා ජන ජීවිතය ද ඊට ඇතුළත් විය. මෙවර Shenyang නගරය නිරීක්ෂණය කරද්දී මේ හා බැඳුණු කරුණු හෙතෙම යළි අවධාරණය කළේ ය.

ඉකුත් 17වැනි දා පස්වරුවේ, ෂී ජින් පිං මහතා SIASUN රොබෝ හා ස්වයංක්‍රීයකරණ සමාගම නිරීක්ෂණය කළේ ය. රොබෝ තාක්ෂණය කේන්ද්‍ර කරගත් පූර්ණ බුද්ධිමය නිපැයුම් හා සේවාවන්ගෙන් සමන්විත මෙය කැපීපෙනෙන අධිතාක්ෂණික ව්‍යවසායයකි. මෙවැනි අලුතින් බිහි වූ ක්ෂේත්‍රයන් කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරන හෙතෙම ව්‍යවසායයන්හි විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන ඉදිරියට මෙහෙයවීමේ තත්ත්වය ද විමසා බැලීය.

මීට අමතරව, Mudan ජන ප්‍රජාව ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ බිම් මට්ටමේ සංවර්ධනය හා ජන ප්‍රජාවේ සේවාවන් ද හෙතෙම අධීක්ෂණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු ෂී ජින් පිං මහතා තුන්වතාවක් Liaoning පළාතේ නිරීක්ෂණ සංචාරයන්ට එක්ව ඇත. ඒ සෑම වතාවකම ජන ප්‍රජා වෙත පැමිණි ජනාධිපතිවරයා  ජනතාවගේ දුක සැප විමසීය. චීන කොමියුනිස්ට් පක්ෂය මුළු හදවතින් ම ජනතාවට සේවය කරන බව ඔවුන්ට නිතැතින්ම දැනෙන අයුරින් ක්‍රියාකළ යුතු යැයි ද හෙතෙම එහිදී කියාසිටියේය.



ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම