චීනයේ හා ඉන්දියාවේ ප්‍රශස්ත සංවර්ධනයෙන් තොරව ‘ආසියානු ශතවර්ෂයක්’බිහිනොවනු ඇත - චීනය
2022-08-19 20:14:06
Share with:

චීනය හා ඉන්දියාව යන දෙරට මනා ලෙස සංවර්ධනය නොවුණහොත්, ‘ආසියානු ශතවර්ෂයක්’ බිහිනොවනු ඇතැයි චීනය පවසයි.

බෙයිජිංහි අද(19) පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මෙසේ ප්‍රකාශ කළේ, ඉන්දීය විදේශ ඇමති S.Jaishankar මහතා ඉන්දීය-චීන සම්බන්ධතාව පිළිබඳව දැක්වූ අදහස පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. ඉන්දියාව සමග එක්ව සමාන දිශාවක් කරා ද්විපාර්ශ්වික සම්බන්ධතාව වර්ධනය කරමින්, එය කඩිනමින් විධිමත් වර්ධන මාර්ගයකට රැගෙන යා හැකිවෙතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

චීනය හා ඉන්දියාව මනා ලෙස සංවර්ධනය නොවුණහොත් ‘ආසියානු ශතවර්ෂයක්’ බිහිනොවනු ඇතැයි චීන නායකයෙකු පවසා ඇතැයි ද වං වෙන්බින් මහතා සිහිපත් කරයි. ඉන්දියාව සමග එක්ව ‘සහයෝගතා හවුල්කරුවන් ලෙස එකිනෙකාට සැලකීම, අන්‍යෝන්‍ය වශයෙන් තර්ජනයක් නොවීම හා සංවර්ධන අවස්ථා බෙදාගැනීම’ යන දෙරටේ නායකයන්ගේ වැදගත් ‍එකඟතා ක්‍රියාවට නංවමින්, දෙරට ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ සහතික කළ හැකිවෙතැයි චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම