‘චීන ණය උගුල’ යනු පදනම් විරහිත අසත්‍යයක් බව චීනය යළි අවධාරණය කරයි
2022-08-18 18:43:17
Share with:

  

 ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උද්දීපනය කරන ‘චීන ණය උගුල’ යන යෙදුම, පදනම් විරහිත අසත්‍යයක්  බව චීනය පවසයි.

  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද(18) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඊනියා ‘චීන ණය උගුල’ යන යෙදුම, ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිය වගකීම් අනුන්ට පවරා දීමේ අරමුණින් යුක්තව නිර්මාණය කළ අසත්‍යයක්  බවත්, සත්‍යය මගින් එය බිඳවැටෙනු ඇති බවත් ඔහු පැවසීය.

ඇතැම් ඇමරිකානු හා බටහිර රටවල දේශපාලනඥයන් හා මාධ්‍ය ආයතන උද්දීපනය කරන ‘චීන ණය උගුල’ යෙදුම, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගතාවන් හා එම රටවල සංවර්ධනයට බාධා එල්ල කිරීමේ ‘වාචික උගුලකි’. එම රටවල් හා ලෝකය පිළිබඳ මනා අවබෝධයෙන් සිටින පුද්ගලයින් මෙවැනි අසත්‍ය විග්‍රහ විශ්වාස නොකරන බව ඔහු කියා සිටියි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම