ගංවතුර ආපදා පාලනයට චීන ජනපතිගෙන් උපදෙස්
2022-08-18 16:24:36
Share with:

චීනයේ මෙවර වැසි  සමය තුළ,  Liaoning පළා‍‍තේ කුණාටු 13 ක් හටගත්තා. පසුගිය ජූලි අග ඇති වූ කුණාටුව හේතුවෙන් එම පළා‍තේ නගර 9 ක් ගංවතුර ව්‍යසනයන්ට ලක්වුණා. ඉන් පීඩාවට පත් වූ  සංඛ්‍යාව ලක්ෂ 4.7 ක් ඉක්මවන අතර, හානියට ලක් වූ ගොවිබිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ විසිහය දහසකට අධිකයි.

පසුගිය 16 වැනිදා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ Liaoning පළාතේ Jinzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අදාළ විවිධ මට්ටම්වල රජයන් හා පක්ෂ කමිටු, ආපදා පාලනය කෙරෙහි සැලකිලිමත්ව පියවර ගනිමින්, විපතට පත් ජනතාව නිසි ලෙස නගාසිටුවිය යුතු බව ෂී ජින් පිං මහතා එම චාරිකාවේදී අවධාරණය කළා. ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින් ඔවුන්ගේ ජීවිත හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත්කිරීම සඳහා පශ්චාත් ආපදා සංවර්ධන වැඩපිළිවෙළ මැනැවින් ක්‍රියාවට නැංවිය යුතු බව ද හෙතෙම පැවසුවා.

මෑතකාලීන වසරවල තමා එක් වූ නිරීක්ෂණ චාරිකාවලදී චීන ජනාධිපතිවරයා බොහෝ වතාවක් ගංවතුර ආපදා කළමනාකරණය පිළිබඳ උපදෙස් ලබා දී තිබෙනවා. 2020 වසරේ අගෝස්තු මාසයේ ෂී ජින් පිං මහතා චීනයේ  Anhui පළාතේ ගංවතුර ආපදා පාලනය කිරීමේ පෙරමුණට පැමිණ එම කටයුතු  නිරීක්ෂණය කළා. 2021 වසරේ ජූලි මාසයේ, ටිබෙට් ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ හෙතෙම Henan පළාතේ කුණාටුව පිළිබඳ දැනුවත් වූ  වහාම අදාළ උපදෙස් දී තිබුණා. මාස දෙකකට පෙර, Sichuan පළාත නිරීක්ෂණය කරමින් සිටි ජනාධිපතිවරයා ගංවතුර ආපදා සැලසුම් පිළිබඳව යළිත් උපදෙස් දුන්නා. අදාළ දෙපාර්තමේන්තු ආපදාවන් පිළිබඳ පූර්ව සූදානමකින් යුතුව සියලු පියවර ගන්නා අතරම, ආපදාවලින් ආරක්ෂා වීමේ හා වැළැක්වීමේ ශක්තිය වැඩිදියුණු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම