‍දකුණු කොරියාව සමඟ, පොදු සමෘද්ධිය අත්විඳින තවත් වසර 30ක් ගොඩනගන බව චීනය පවසයි
2022-08-18 18:27:05
Share with:

චීන‍‍යේ සහභාගිත්වයෙන් තොරව ආසියා-පැසිෆික් කලාපයේ අනාගතය සැලසුම් කළ නොහැකි බවත්,  ඉදිරි වසර 30 තුළ අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු ප්‍රතිලාභ සහිත චීන-දකුණු කොරියානු සම්බන්ධතාව අඛණ්ඩව පෙරට රැගෙන යන බවත් දකුණු කොරි‍යානු විදේශ අමාත්‍යවරයා කියාසිටී. මීට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (18) පැවසුවේ, දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 30 වැනි සංවත්සරය මනාව සැලසුම් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති විදේශ අමාත්‍ය දෙපළගේ සාකච්ඡාවේදී  එකඟතාවකට පැමිණි බවයි.

එය දෙරටේ සබඳතාවට වඩා ධනාත්මක හා ස්ථාවර අපේක්ෂා එක් කරයි. ‍දකුණු කොරියාව සමඟ, දෙරටේ සම්බන්ධතාවට අදාළ නිවැරදි සංවර්ධන දිශාව ග්‍රහණය කරගනිමින්, පොදු සමෘද්ධිය අත්විඳින තවත් වසර 30ක් ගොඩනැගීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම