ඊසානදිග චීනයේ පුනර්ජීවනය සාක්ෂාත් කිරීමට අතිශය වගකීම් සහගත විය යුතුයි - චීන ජනපති
2022-08-18 20:02:47
Share with:

රටේ ඊසානදිග ප්‍රදේශයේ පුනර්ජීවනය ඉටුකිරීමේදී වඩාත් පුළුල්  වගකීමක් දරමින්, ක්‍රියාශීලීව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 16 හා 17 දෙදින Liaoning පළාතේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතරතුරය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ මුළුමනින්ම ක්‍රියාත්මක කරමින්, ස්ථාවරත්වය මත වර්ධනය අත්පත් කර ගැනීමේ සමස්ත ක්‍රියාදාමයේ රිද්මය පවත්වා ගනිමින්, වසංගත පාලනය හා ආර්ථික සමාජයීය කටයුතු මනා සම්බන්ධීකරණයෙන් ඉදිරියට මෙහෙයවිය යුතු බව ඔහු අවධාරණය කරයි. නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන් නිවැරදිව අනුගමනය කරමින්, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය  හා පොදු පොහොසත්කම ස්ථිරව ප්‍රවර්ධනය කළ යුතුය. රටේ පාලන පද්ධතීන් හා පාලන හැකියාවේ නවීකරණය කඩිනම් කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන කටයුතු ද නිසි ලෙස සිදු කළ යුතුය. එසේම, Liaoning පළාත පුනර්ජීවනය කිරීමෙන් නව සංවර්ධන තත්ත්වයක් බිහි කළ යුතුය. රටේ ඊසානදිග ප්‍රදේශයේ පුනර්ජීවනය ඉටුකිරීමේදී වඩාත් වගකීම් සහගතව ක්‍රියාශීලිව කටයුතු කිරීමෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීම පිළිගත යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම