චීන විදේශ ආයෝජනයන්හි කැපීපෙනෙන වර්ධනයක්
2022-08-18 16:06:04
Share with:

මෙම වසරේ මුල් මස 7 තුළ චීන විදේශ ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 17.3කින් ඉහළ යයි.

චීන විදේශ ආයෝජන පිළිබඳ දත්ත වාර්තාව නිකුත් කරමින් චීන වාණිජ අමාත්‍යාංශය අද(18) මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, 2022 වසරේ ජනවාරි මස සිට ජූලි මස දක්වා සමස්ත චීන විදේශ ආයෝජන ප්‍රමාණය චීන යුආන් බිලියන 798.33ක් වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.3ක වැඩිවීමකි.කර්මාන්ත අංශය සලකා බැලීමේදී , සේවා කර්මාන්තය සැබැවින්ම භාවිත කළ විදේශ ආයෝජන ප්‍රමාණය චීන යුආන් බිලියන 598.92කි. එය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට10ක වැඩි වීමක් පෙන්නුම් කරයි. අධි තාක්ෂණ කර්මාන්තයේ විදේශ ආයෝජන භාවිත කිරීමේ ප්‍රමාණය සියයට 32.1කින් වැඩි වී තිබේ.

විදේශ ආයෝජන මුදල් මූලාශ්‍රයන් සැලකීමේදී දකුණු කොරියාව, ඇමරිකාව, ජපානය හා ජර්මනිය යන රටවල් හතර, චීනය වෙත ආයෝජන කර ඇති ප්‍රමාණය නිදහස් වරාය හරහා යොමු කළ ආයෝජන ප්‍රමාණය ද ඇතුළුව වෙන් වෙන් ව සියයට 44.5කින් ,සියයට 36.3කින් , සියයට 26.9කින් හා සියයට 23.5කින් වර්ධනය වී ඇතැයි ද දත්ත වාර්තාවේ දැක්වේ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම