චීන ජනාධිපතිවරයා Liaoning පළාතේ Jinzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2022-08-17 10:47:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (16) පස්වරුවේ Liaoning පළාතේ Jinzhou නගරය නිරීක්ෂණය කළේය. හෙතෙම  Liaoshen සංග්‍රාම අනුස්මරණ ශාලාව සහ Donghu වන උද්‍යානය නැරඹීය. එහිදී, ඔහු ඊසානදිග චීනයේ විමුක්ති යුධ ඉතිහාසය සහ  Liaoshen  සංග්‍රාමය ජයග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කර Liaoning පළාතේ ගංවතුර පාලන කටයුතු සහ ප්‍රාදේශීය පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ තොරුතුරු විමසා තිබේ. එසේම, ගංවතුර පාලනය කිරීම සහ ආපදා ආරක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ෂී ජින් පිං මහතා එහිදී වැදගත් උපදෙස් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම