බටහිර රටවල් ගැටුම් නිර්මාණය මගින් සිය ආධිපත්‍යය රැක ගැනීමට උත්සාහ දරන බවට රුසියා ජනාධිපති ගෙන් චෝදනා
2022-08-17 10:29:50
Share with:

බටහිර රටවල් ගැටුම් නිර්මාණය කිරීමෙන් සිය ආධිපත්‍යය රැක ගැනීමේ උත්සාහයක නිරත වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි.

10 වැනි මොස්කව් ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවේදී රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පැවසුවේ බටහිර රටවල් විසන් ගැටුම් නිර්මාණය කිරීම, මර්දන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, පැරණි ගැටුම් වර්ධනය කිරීම හා නව ගැටුම් නිර්මාණය මගින් සෙසු රටවල වර්ධන මාර්ග විනාශ කරන බවයි. එමගින් සෙසු රටවල් පාලනය කිරීම හා සිය අධිපත්‍යය රැක ගැනීම ඔවුන් ගේ සැලසුමයි. ඇමරිකාව හා ඊට අවනත රටවල් ප්‍රචණ්ඩ ලෙස සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් තර්ජන, බිය ගැන්වීම් සහ පීඩන එල්ල කිරීම හරහා ඔවුන්ගේ කැමැත්තට යටත් වන ලෙස‍ට සෙසු රටවලට බල කරන බව Vladimir Putin මහතා එහිදී පැවසීය.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා පසුගිය 15 වනදා ඉල්ලා සිටියේ සියළු රුසියා හමුදා කොන්දේසි විරහිතව Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය හා ආසන්න ප්‍රදේශ වලින් ඉවත් කර ගන්නා ලෙසටයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම